Tuesday, April 23, 2024

General line - 0115112241

චාමික කරුණාරත්න IPL ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කෙරේ




ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සිය සංචිතයේ සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීිඩක චාමික කරුණාරත්න මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක වෙන්දේසියට අදාළ අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරමින්.

මෙම වාර්තාව ප්‍රකාශයට පත්වූයේ එළඹෙන ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන්ද චාමික කරුණාරත්න ඉවත් කරනු ඇති බවට වාර්තා පල වෙමින් ඇති පසුබිමකයි.

කෙසේවෙතත් චාමිකට IPL තරගාවලියට එක්වීමට තවත් අවස්ථාවක් පවතින අතර ඒ සදහා කිසියම් කණ්ඩායමක් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු මිලදී ගත යුතු වනවා. 

චාමික කරුණාරත්න ඉවත් කළද ගිය වර පැවති IPL තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් බහුතරයක් සිය කණ්ඩායම් තුළ තවදුරටත් රදවා ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ අතර චෙන්නායි සුපර් කින්ග්ස් සංචිතයට එක් වූ මහේෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ ද අයත්.

භානුක රාජපක්ෂද සිය සංචිතය තුළ තවදුරටත් රදවා ගැනීමටයි පංජාබ් කින්ග්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ද වනිදු හසරංග තවදුරටත් සිය කණ්ඩායමේ රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ලක්නව් සුපර් ජයන්ට්ස් සංචිතයට එක්ව සිටි දුෂ්මන්ත චමීර මුදා හැරීමට ඔවුන් තීරණය කර ඇත්තේ දුෂ්මන්තගේ ආබාධය හේතුවෙන්.