Thursday, May 2, 2024

General line - 0115112241

ග්‍රෑන්ඩ්පාස් ඛේදවාචකයක් - නිදා සිටි බිළිඳෙකු මහල් 03 කින් බිමට දමයි




ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට කුඩා දරුවෙකු විසිකළ පුවතක් අද වාර්තා වුණා. මෙලෙස පහළට දමා ඇත්තේ වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙක්. බිමට වැටී්මෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ළමා රෝහල වෙත රැගෙන ගියද ඒවන විටත් දරුවා මියගොස් තිබුණා. 

පොලීසිය පැවසුවේ අදාළ දරුවාගේ මවගේ සොහොයුරා විසින් මෙම දරුවා පහළට විසිකර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ද බිරිඳගෙන් වෙන්වී ජීවත්වී ඇත්තේ මෙම දරුවා ජීවත්වූ නිවසේමයි.  දරුවා නිදා සිටියදී සිටියදී නිවසට පැමිණ ඇති සැකකරු එකවරම නිදා සිටි දරුවා ජනේලයෙන් ඉවතට විසිකර ඇති බවයි වාර්තා වන්නේ. 35 හැවිරිදි සැකකරු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවද වාර්තා වනවා.