Thursday, May 2, 2024

General line - 0115112241

ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානය රජයේ පිළිගත් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරයි




ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානය රජයේ පිළිගත් පූජා භූමියක් ලෙස අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. විවිධ තර්ජනයන්ට එල්ලවී තිබූ කූරගල පුදබිම සංවර්ධනය කිරීමෙන් පසු සුවහසක් ශ්‍රී ලාංකිකයින් වෙත පූජා කෙරුණේ ඉකුත්දායි.'

ඊට නෙත් එෆ් එම් රේඩියෝවද මුල සිටම උරදී කටයුතු කළා. කූරගල පුදබිම යළි ගොඩනැගීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක කූරගල රාජමහා විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානය රජයේ පිළිගත් පූජා භූමියක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.