Monday, May 6, 2024

General line - 0115112241

ඖෂධ හිඟය නිසා වෛද්‍යවරුන් නිවාඩු දමයි




පවතින ඖෂධ හිඟය හේතුවෙන් වෛද්‍යවරුන් ද දැඩි පීඩාවකට ලක්ව ඇති බව වාර්තා වනවා.

රෝහල්වලට පැමිණෙන රෝගීන්ට ඖෂධ ලබාදීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇති බැවින් ඔවුන් එලෙස දැඩි අසිරුතාවන්ට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන් නිවාඩු ලබාගෙන සේවයට වාර්තා නොකර සිටීමේ තත්ත්වයක් ද මේ වන විට උද්ගතව තිබෙනවා.