Monday, May 6, 2024

General line - 0115112241

ඖෂධ හිඟ වූ හේතුව සෞඛ්‍ය ඇමති කියයි




පවතින ඖෂධ හිඟය එළඹෙන දෙසැම්බර් මාසය තුළ බොහෝදුරට පාලනය කර ගැනීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පිළිතුරු කතාව සිදුකරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ ඇණවුම් විශාල ප්‍රමාණයක් මෙතෙක් නොලැබීම, මතුව ඇති ඖෂධ හිඟයට හේතුවී ඇති බවයි.


පවතින ඖෂධ හිඟය පාලනය කිරීමට හැකි තත්ත්වයක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර අයවැය කාරකසභා අවස්ථා විවාදය අද 07 වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

කර්මාන්ත, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශවල වැය ශීර්ෂ 11 ක් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.