Monday, May 6, 2024

General line - 0115112241

නිල්වලා ගඟ අසල සිටි පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගනී




මාතර, පීක්වැල්ල ප්‍රදේශයේ නිල්වලා ගඟ අසල සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

එම ස්ථානයේ තිබී අදාළ පුද්ගලයාගේ බවට සැකකෙරෙන බෑගයක් සහ පාවහන් යුගලක් හමුවූ බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පුද්ගලයාගේ බවට සැකකෙරෙන ශරීර කොටස් කිහිපයක් ද  එම ස්ථානය ආසන්නයේ තිබී සොයාගැණුනා.

සොයාගත් මෘත ශරීර කොටස් මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙනවා.