Monday, May 6, 2024

General line - 0115112241

ආර්ථික අර්බුද හමුවේ රජයේ රෝහල්වලට පැමිණෙන සෙනඟ වැඩිවේ




වත්මන් ආර්ථික අර්බුද හමුවේ රජයේ රෝහල් වෙත යොමුවන පිරිස ඉදිරියේදී ආසන්න වශයෙන් සියයට 30 ක පමණ ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට තවදුරටත් පෞද්ගලික රෝහල් පහසුකම් ලබාගැනීමට නොහැකි වීම ඊට හේතුවන බවයි.

පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය අමාත්‍යංශයීය උපදේශ කාරක සභාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම අදහස් පළ කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.


එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ තාක්ෂණික වෛද්‍ය කාර්යමණ්ඩලයේ ස්ථාන මාරුවීම්වලට අදාළ ගැටළු පිළිබඳව ද අවධානය යොමුවී ඇති බවයි.

එම කාර්්‍යයමණ්ඩලය සිය ගම්බිම්වලින් දුරබැහැර ප්‍රදේශවල රාජකාරියේ නිරත වන බැවින් ආර්ථික අර්බුද හමුවේ ඔවුන් දුෂ්කරතාවන්ට මුහුණදෙන බවට ද උපදේශක කාරක සභාවේදී සාකච්ඡාවී තිබෙනවා.

ඒ පිළිබඳව සොයාබලා පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබාදුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.