Monday, May 6, 2024

General line - 0115112241

නව ආරකින් පාසැල් අරඹන්න අධ්‍යාපන ඇමති සූදානමින්




අයවැය කාරකසභා අවස්ථා විවාදය අද 07 වන දිනටත් මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

කර්මාන්ත, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශවල වැය ශීර්ෂ 11 ක් අද දිනයේ විවාදයට ගැනෙනවා.

අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අද දිනයේද පරාභව සූත්‍රය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඒ, පරාභව සූත්‍රය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.


මේ, ඉන් අනතුරුව අදහස් දැක්වූ සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.


යලිත් විපක්ෂ නායකවරයා අදහස් පළ කළ අතර එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මැදිහත් වුණා.


ගිනිගෙන මුහුදුබත්වූ එක්සප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.