Friday, April 26, 2024

General line - 0115112241

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකාරියගේ ඇප අවලංගු කෙරේ




ඕමානයේ රැකියා සඳහා ගිය කාන්තාවන් ලිංගික කටයුතුවල සහ මිනිස් ජාවාරම්වල යෙදවීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටී සැකකාරියක ඇප අවලංගු කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකාරිය ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් මෙම නියෝගය නිකුත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප මත මුදාහැර සිටින ආශා දිසානායක නමැති සැකකාරිය මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන තැනැත්තියක් වන බැවින් ඇය ඇප මත මුදා හැර සිටීම විමර්ශන කටයුතුවලට බාධාවක් බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් පිරිස ද එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.