Friday, April 26, 2024

General line - 0115112241

කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට සහන ලබා දෙන්න - රජයේ පශුවෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලයි

කමල් සුරවීර




ගැටලු රැසකට මුහුණ දී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට සහන ලබා දෙන්නැයි රජයේ පශුවෛද්‍ය නිලධාරින්ගේ සංගමයද රජයෙන් ඉල්ලීමක් කරනවා. ඵහි සභාපති පශුවෛද්‍ය සිසිර පියසිරි පැවසුවේ බිත්තර නිෂ්පාදකයින්ගේ පිරිවැය ඉහළයාම පාරිභෝගිකයන්ටද දැඩි ලෙස බලපාන බවයි. 

පවතින ගැටලු හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින් සිය කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බවද රජයේ පශුවෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති පශුවෛද්‍ය සිසිර පියසිරි වැඩිදුරටත් පැවසුවා.