Friday, April 26, 2024

General line - 0115112241

විදුලි බිල වැඩිකිරීමට ඵරෙහිවන්නැයි සජිත් - සුසිල්ට කියයි




විදුලි බිල වැඩිකිරිමට ඵරෙහි යෝජනාවට අමාත්‍ය මණ්ඩලයයේදි විරුද්ධ වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද ඉල්ලීමක් කලා. ඵ් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන්.ඵම ගැටලුව විසදීමට ගන්නා ඕනෑම පියවරක් සදහා සිය පාර්ශවය සහාය ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා ඵහිදී කියා සිටියේ. 

මේ අතර අදට යෙදී ඇති ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඵහිදී අදහස් පලකළා.

ඉන් අනතුරුව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අදහස් පළකළ අතර ඵහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නද අදහස් පළකළා. 

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දසවන දිනය වන අද දිනයේ  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මෙන්ම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිලිබද මේ වන විට විවාදයට ගැනෙනවා.