Thursday, November 30, 2023

General line - 0115112241

සංචාරක වීසා මගින් විදේශ රැකියා සදහා පුද්ගලයින් රැගෙන යන ජාවාරම්කරුවන් සොයා විශේෂ මෙහෙයුම්




සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා සඳහා පුද්ගලයින් රැගෙන යාමේ ජාවාරමක් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගුවන්තොටුපල කාර්යාංශය සහ විශේෂ විමර්ශණ ඒකකය එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

එම මෙහෙයුම් යටතේ පුද්ගලයින් 23 දෙනෙකු සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ උත්සායක් ව්‍යාර්ථ කළ බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළා.