Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට මූල්‍ය සහන ලබාගැනීමට ලෝක බැංකුවෙන් තල්ලුවක්




ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙනවා. එමගින් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට උපකාර කිරීම සඳහා අවකාශය සැලසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට චීනය ආරාධනාවක් සිදුකර තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් ඇත්තේ අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් හට බීජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග ජය ගැනීම සඳහා සහය දැක්වීමට සිය රට ඉහළ වැදගත්කමත් ලබාදෙන බවද  චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.