Saturday, May 11, 2024

General line - 0115112241

උතුරු කොරියාවට ආහාර අලෙවි කළ වරදට සිංගප්පූරු ජාතිකයෙකුට සිර දඬුවම්




උතුරු කොරියාවට ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයෙකු සිංගප්පූරුව විසින් සිරගත කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ පුද්ගලයා උතුරු කොරියාවට සිංගප්පූරු ඩොලර් මිලියනයක් වටිනා ආහාර පාන අලෙවි කර ඇති බවයි. එලෙස අලෙවි කළ ආහාරපාන වර්ග අතර ස්ට්‍රෝබෙරි රසැති දියර කිරි, කෝපි, වයින්, විස්කි මෙන්ම සුවඳ විලවුන් ද වනවා. 

උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හමුවේ සිංගප්පූරුව 2017 වසරේදී ඔවුන් සමග සිදුකරන වෙළඳ ගනුදෙනු අත්හිටුවනු ලැබුවා. එවන් පසුබිමක් තුළයි අදාළ පුද්ගලයා සිංගප්පූරුවේ ප්‍රකට සමාගම් හරහා උතුරු කොරියාවට ආහාර හා පාන වර්ග අලෙවි කර බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඒ අනුව ඔහුට සති 05 ක සිරදඬුමක් නියම කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්. 

සිංගප්පූරුවේ සිට උතුරු කොරියාවට භාණ්ඩ අපනයනය කරන පුද්ගලයෙකුට එරෙහිව ලබාදනෙ උපරිම දඬුවම සිංගප්පූරු ඩොලර් ලක්ෂයක් හෝ අපනයනය කළ භාණ්ඩවල වටිනාකම මෙන් 03 න් ගුණයක් වනවා. එමෙන්ම එම චෝදනාවට වරදකරු වන පුද්ගලයෙකුට වසර 02 ක සිරදඬුවමක් හෝ අදාළ දඩ මුදල යන දඬුවම් දෙකම වුවද පැනවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.