Saturday, May 11, 2024

General line - 0115112241

රට පැන්න අපරාධකරුවන් අල්ලන්න අලුත් මෙහෙයුමක්

දීපාල් ද සිල්වා




ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මඟින් විදෙස්ගතවූ අපරාධකරුවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ රටවල්වල ආරක්ෂක ප්‍රධානීන් සමඟ සාකච්ඡා සාකච්ඡා ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

උදර්පණ නීතිය යටතේ  අපරාධකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමේදී සංකීර්ණ ක්‍රමවේදයක් භාවිත කිරීමට සිදුවුවද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මඟින් විදෙස්ගතවූ අපරාධකරුවන් කෙටි කාලයක් තුළ ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් ඇති බවයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

ඉතිහාසය පුරා කිසිදු අපරාධකරුවෙකුට ස්වභාවික මරණයක් උරුමවී නොමැති බවද දකුණු පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අහුන්ගල්ල, බලපිටිය, සහ ඒ ආශ්‍රිතව සිදුවන අපරාධ මැඬලීම සඳහා ගාලු දිසා අපරාධ කොට්ඨාසය අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදි ඊයේ ස්ථාපිත කෙරුණා. එහි කටයුතු සිදුවන්නේ ද දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ සෘජු අධීක්ෂණය යටතේයි.