Tuesday, May 7, 2024

General line - 0115112241

රටේ ජීවත් වීමට අවශ්‍ය අවම මුදල යළි ඉහළට




මෙරට පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍යවන අවම මුදල ඉකුත් ඔක්තොම්බර් මාසය අවසන් වන විට රුපියල් 13,810 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ බව සඳහන් කර ඇත්තේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සෑම මසකටම වරක් නිකුත් කරන දරිද්‍රතා මට්ටම් වාර්තාවට අනුවයි.


එම වාර්තාවට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන පුද්ගලයෙකුට සිය අවම  අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍යවන අවම මුදල රුපියල් 14,894ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ ද එම අගය රුපියල් 14,818ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කළුතර, මහනුවර, නුවර එළිය, ගාල්ල, මන්නාරම, පුත්තලම හා කෑගල්ල යන දිස්ත්‍රික්ක වල ද ජීවත් වන පුද්ගලයෙකුට මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 14,000සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.  

පුද්ගලයෙකුට සිය අවම වශ්‍යතා සපුරා ගැනීම සඳහා අඩුම මුදලක් වැය වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවටයි. එම අගය රුපියල් 13,204ක්. 


ඉකුත් ජූනි මාසයේ වාර්තාවට අනුව රුපියල් 12,444ක් වූ මෙරට මාසික දරිද්‍රතා රේඛාව ඉකුත් ජූලි මාසයෙ දී පළමුවරට රුපියල් 13,000 සේ සීමාව ඉක්මවා යනවා.

එතැන් සිට මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ එම අගය රුපියල් 14,000 සේ සීමාවට පැමිණ තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.