Tuesday, May 7, 2024

General line - 0115112241

බෝනස් ගැන මහජන උපයෝගීතා කොමිසමේ නිවේදනය අසත්‍යයි - ලංවිම




ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙත ප්‍රසාද දීමනා නොගෙවීමට වෘත්තිය සංගම් එකඟතාව පළ කළ බවට මහජන උපයෝගිතා කොමිශන් සභාව නිකුත් කළ නිවේදනයේ කරුණු මුලුමණින්ම අසත්‍ය බව එම සංගම් පවසනවා.

කිසිදු වෘත්තිය සමිතියක් සේවකයින් වෙත ප්‍රසාද දීමනා හෝ දිරිදීමනා නොගෙවීමට කැමැත්ත පළ කර නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය පැවසුවේ.

ඉතිහාසයේ සිටම සියලු සේවකයින් වෙත සිදුකරනු ලැබූ එම ගෙවීම් නතර කිරීමට තමන් දැඩි විරෝධය පළ කරන බවද ඔවුන් පෙන්වා දෙනවා. 
විෂයභාර අමාත්‍යවරයා ඇතුළු දේශපාලනඥයින් මෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩු ලැබීමට හේතු ලෙස සේවකයින්ගේ වැටුප් හා දීමනා ගෙවීම හුවාදක්වමින් සිටිනවා.

එහෙත් එය මුලුමණින්ම අසත්‍යයක් බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය පැවසුවේ.

සිය මණ්ඩලය පාඩු ලබන්නේ දූෂිත දේෂපාලන ක්‍රියාවලිය යටතේ දේශපාලනඥයින්ගේ වැරදි තීරණ, කූඨ ව්‍යාපාරකයින්ගේ හා ඇතැම් අවස්ථාවාදී වෘත්තිකයින්ගේ අත්නෝමතික ක්‍රියා සහ රජයේ තීරණ හේතුවෙන් ජනන වියදම ඉහළයාම හේතුවෙන් බවයි එම සංගමය නිවෙද්නයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.