Tuesday, May 7, 2024

General line - 0115112241

අයිස් පාසල් තුළට රිංගලාද? නිශ්චිත තොරතුරු නොමැති බව අන්තරායකර ඖෂධ මණ්ඩලය කියයි




වසර කිහිපයක් තුළ ශ්‍රී ලංකාවේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සීඝ්‍රයෙන් ඉහළයාමක් පෙන්නුම් කරන බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය පවසනවා.

එහි පර්යේෂණ අධ්‍යක්ෂක භද්‍රාණි සේනානායක පැවසුවේ 2020 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 295 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන තිබුණද 2021 වසර වන විට එම සංඛ්‍යාව 13,720 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතය ඉහළයාමට බලපෑ හේතු මොනවාද ?

පාසැල් සිසුන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළගොස් තිබේද? ඒ සම්බන්ධයෙන්ද අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ

පර්යේෂණ අධ්‍යක්ෂක භද්‍රාණි සේනානායක කරුණු දැක්වූවා.

මේ අතර කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් ඊයේ දිනයේදී සිය භාරයට ගැණුනා.