Thursday, May 2, 2024

General line - 0115112241

පිටසක්වල ජීවීන් පිළිබඳ විමර්ශන ගැන ඇමෙරිකාවෙන් අනාවරණයක්




පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් අමෙරිකාව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ පෙන්ටගනය විසින් එම අනාවරණය සිදු කර ඇති බවයි.

ඒ අනුව අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් පවසා ඇත්තේ හදුනානොගත් පියාසර වස්තු පිළිබඳ වාර්තා විමර්ශනයේදී පිටසක්වල ජීවීන් පෘතුවියට පැමිණ ඇති බවට හෝ ඔවුන්ගේ යානා පෘථීවියට කඩා වැටී ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් විෂම වස්තු හෝ හදුනා නොගත් වස්තූන්, අභ්‍යාවකාශයේ හෝ දිය යට තිබේද යන්න විමර්ශනය කිරීමට පෙන්ටගනය දරණ උත්සහය මේ වනවිට විමර්ශනය කෙරෙමින් ඇති නව වාර්තා රැසකට හේතු වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම මාතෘකාව සම්බන්ධයෙන් ඉතා හදිසි වී කටයුතු කරන බැවින් සැක ඉපදවිය හැකි ඕනෑම වස්තුවක් පිටසක්වල සම්භවයක් සහිත බවට සැක ඇත කරන බව ද එම ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් පවසා තිබෙනවා.