Monday, April 29, 2024

General line - 0115112241

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉලක්ක කරගනිමින් මඩ ප්‍රචාරයක්




මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් විවිධ වෙබ් අඩවි යොදා ගනිමින් අපහාසාත්මක ව්‍යාපාරයක් දියත් කරමින් ඇති බව වාර්තා වනවා . 

වර්තමානයේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලබන එල්. වී. ඒස්. වීරකෝන් යනු මේ දක්වා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කල අධ්‍යක්ෂ ජනරාල්වරුන් අතරින් සේවකයන්හට වඩාත් හිතවත්ව කටයුතු කරනු ලබන නිලධාරියෙකු බවයි එම ආයතනයේ සේවකයින් සඳහන් කර සිටින්නේ.

එමෙන්ම රාජකාරී කටයුතු අවංකව හා වගකීමෙන් සිදු කල නිලධාරියෙක් වනවා මෙන්ම සෘජු තීරණ ගනිමින් කටයුතු කරන ලද අයෙකි. ඒ හේතුවෙන්ම බහුතරයක් සේවකයන්ගේ පැසසුමටද ලක්ව ඇති නිලධාරියෙකු බව සඳහන්.

කරුණු එසේ වුවද සමහරක් අයවළුන් හට සභාපතිවරයා සේවකයන්ගේ පැසසුමට ලක්වීම මෙන්ම කැපීපෙනෙන ලෙස වැඩ කිරීමද දරා ගත නොහැකි වී ඇත.

එබැවින් කෙසේ හෝ එම මහතාගේ ගමන නැවැත්වීමට දැන් විවිධ වෙඩ් අඩවි යොදා ගනිමින් බොරු චෝදනා නගමින් මඩ ප්‍රචාරයක් දියත් කිරීමට පටන්ගෙන ඇත. 

සමහර නිලධාරීන්ට තම සිතැගි පරිදි කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන්ම මොහු හට බොරු මඩ ප්‍රචාරවලට ලක් වීමට අතීතයේදී මෙන්ම වර්තමානයේද සිදුව ඇත.

මෙම මඩ ප්‍රචාර හැම දෙයකම සත්‍යය අවංක සේවකයන්ගෙන් බහුතරයක් දෙනා දන්නා නමුත් සමහර දූෂිත නිලධාරීන් විසින් තමා වෙත එල්ල වන චෝදනා වසන් කිරීමටදඅවංකව සේවය කරනු ලබන පුද්ගලයන් සඳහා මෙලෙස අභූත දූෂණ චෝදනා සහ චරිත ඝාතන සිදු කිරීම අතීතයේ මෙන්ම අදද සිදු වී ඇති බවයි එහි සේවකයින් සඳහන් කර සිටින්නේ.

එසේ වුවද මෙවැනි චෝදනා සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය ඕනෑම පුද්ගලයෙකුට හෝ පරීක්ෂණ කණ්ඩායමකට සොයා බැලිය හැක. එසේ සොයා බලමින් සත්‍ය තේරුම් ගැනීම පුද්ගලයෙකු සතු වගකීමකි.

එබැවින් බොරු චෝදනාවලට නොරැවටී සත්‍ය කරුණු සොයා ගැනීමට කටයුතු කල යුතු බවයි ආයතනයේ උන්නතිය වෙනුවෙන් කැපවූ සේවකයින් සඳහන් කර සිටින්නේ.