Friday, September 20, 2024

General line - 0115112241

රන් පදක්කම පෙනන මානයේදී පිටුපස බලා බෝල්ට් දැමූ ‘සමච්චල්‘ සිනහව ඉතිහාස ගතවෙයි



මෙවර රියෝ ඔලිම්පික් උළලේ පිරිමි මීටර් 100 අවසන් තරඟය පසුගිය ඉරිදා පැවැත්වුණ අතර පිට පිට තෙවන වතාවටත් ඔලිම්පික් රන් පදක්කම දිනා ගනිමින් එවන් දස්කමක් කළ ලෝ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට උසේන් බෝලට් සමත් වුණා.

තරඟයේ පළමු මීටර් 80 තුළදී ඉදිරියෙන් සිටියේ, එම ඉසව්වෙන් රිදී පදක්කම් ලාභි ඇමරිකාවේ ජස්ටින් ජස්ටින් ගැට්ලිනුයි.නමුත් අවසානයේදී නොසිතූ ලෙස ඉදිරියට ආ බෝල්ට් තරඟය ජයග්‍රහණය කළේ දුටුවන් විමතියට පත් කරමිනි.

කෙසේ වෙතත් බෝල්ට් සහභාගී වූ මීටර් 100 අවසන් පූර්ව තරඟයේදී ගත් ඡායාරූපයක් මේ වන විට ලොව පුරා මාධ්‍ය වල කතා බහට ලක්වනවා.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ අනෙක් ක්‍රීඩකයන් පසුකළ බෝලට් සිනාසෙමින් පිටුපස බලන ආකාරයයි.

බොහෝ විදෙස් මාධ්‍ය මේ පිලිබඳ දක්වා තිබුණේ මෙම ඡායාරූපය ක්‍රීඩා ඉතිහාසයේ ගත් හොඳම ඡායාරූපයක් බවයි.

බෝල්ට් මෙම ඉසව්වේදී ලබාගෙන සිටි ආධිපත්‍ය මනාව මෙම ඡායාරූපයෙන් පැහැදිලි වන බව ඔවුන් පවසා තිබුණා.

මෙය ඡායාරූප ගතකර තිබුණේ Getty Images හි Cameron Spencer නම් ඡායාරූප ශිල්පියාය.

00329805ca7b13baf49948f0845a0384