Tuesday, April 30, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා A ක්‍රිකට් කළමණාකරු ඉවත් කිරීම ගැන ක්‍රීඩා ඇමති ලිඛිතව කරුණු විමසීමට සැරසෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක වහාම ක්‍රියාත්මකවන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලිඛිත කරුණු විමසීමක් සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියාසිටියා.



ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ලවන කිසියම් අන්තවාදී ආගමික කණ්ඩායමක බලපෑම් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල ඉකුත්දා අනාවරණ කළා.  

තමන් මෙම අවධානම පිළිබඳ මීටපෙර අනාවරණය කල බවත්, ඒ මොහොතේදී බලධාරීන් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකළ බවත් එම වැඩසටහනට අදහස් දක්වමින් චරිත් සේනානායක පැවසුවා.

ක්‍රීඩකයන් කණ්ඩායමට තේරීම වැනි කටයුතුවලට මෙම ආගමික අන්තවාදීන්ගේ බලපෑම් එල්ල වුවහොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට දැඩි බලපෑමක් වනු ඇතිබවයි ඔහු එහිදී වැඩි දුරටත් අනාවරණය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමේ කළමණාකරු තනතුරෙන් ඔහු ඉවත් කිරීමට හේතුවී ඇත්තේ එම ප්‍රකාශයයි.