Tuesday, November 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා වෙයි 




ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 215 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුවා.

ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 39.4කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී මොහොමඩ් ෂිරාජ් සහ කුල්දිප් යාදෙව් කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් වුවා.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ නුවනිදී ප්‍රනාන්දු අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුවා. එලෙස සිය මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් රැස් කළ 06 වෙනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වූවා.

නුවනිදී ප්‍රනාන්දු හැරෙන්නට ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් රැස් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුවා.