Thursday, May 2, 2024

General line - 0115112241

වැඩක් නැති කොළඹ ඉන්න කෘෂි නිලධාරීන් ඉවත් කෙරේ




කොළඹ කලාපයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5 තුළ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 14කට ආසන්න පිරිසක් පමණ සිටින බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ එච් එම් එල් අබේරත්න පවසනවා.

එම ප්‍රදේශවල වී වගා කටයුතු නොකිරීම හේතුවෙන් එම නිලධාරීන් වෙනත් රාජකාරී සඳහා යොදවා ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ට අදාළ රාජකාරී එම ප්‍රදේශවල නොමැති නම් ඔවුන් ස්ථාන මාරු කිරීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

කොළඹ පිටකොටුව ප්‍රදේශයේ රාජකාරී කරන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් එම ප්‍රදේශයෙන් වහාම ස්ථාන මාරු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ, කිසිදු බෝගයක් වගා නොකරන පිටකොටුව ප්‍රදේශයට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් කුමටදැයි අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ගෙන් කළ විමසීමකින් පසුවයි.