Thursday, May 2, 2024

General line - 0115112241

රොක් සංගීත රජුගේ එකම දියණිය අවසන් ගමන් යයි 




රොක් සංගීතයේ රජු ලෙස විරුදාවලිය ලැබු එල්විස් ප්‍රෙස්ලි ගේ එකම දියණිය වන 54 හැවිරිදි ලීසා මාරි ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිය පියාගේ අඩි පාරේ යමින් සංගීත කේෂ්ත්‍රයට පිවිසි ලීසා මාරි ප්‍රෙස්ලි කැලිෆෝනියාවේ පිහිටි නිවසේ සිහිසුන්ව වැටී සිටියදී හමුවී ඇති අතර පසුව රෝහල් ගත කිරීමෙන් පසුව ඇය මියගොස් සිට ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබුණා.

1968 වර්ෂයේදී උපත ලැබූ ඇය සිය පළමු ගීත ඇල්බමය 2003 වර්ෂයේදී නිකුත් කරනු ලැබූ අතර එයට දැඩි ප්‍රේක්ෂක ඉල්ලුමක් පැවතියා.

ලීසා මාරි ප්‍රෙස්ලි අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ මිට දින දෙකකට පමණ ඉහතදී අවසන් වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ලීසා මාරි ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වූ පොප් ගායක මයිකල් ජැක්සන් සමග විවාහ වී සිට ඇති අතර පසුව ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන නිකලස් කේජ් සමග ද විවාහ වුවා. කෙසේ වුවත් ඇය පසුව සංගීතඥයින් වන Danny Keough සහ Michael Lockwood සමග ද විවාහ දිවියන්ට එළඹී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.