Saturday, January 11, 2025

General line - 0115112241

ගොයම් කහ පැහැවීමේ රෝගය ගැන සියලු පරීක්ෂණ මේ සතියේ අවසන්




දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවී තිබෙන ගොයම් කහ පැහැවීමේ රෝග තත්ත්වය සම්බන්ධව සියලු ක්ෂේත්‍ර පරීක්ෂණ සහ රසායනාගාර පරීක්ෂා කිරීම් මෙම සතිය තුළ අවසන් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් පවසනවා.

දැනට හඳුනාගෙන ඇති පරිදි ගොයම් කහ පැහැවීම පිළිබඳව ක්ෂේත්‍ර නිලධාරීන් විසින් සිදුකරන ලද සොයා බැලීම්වලදී ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව පෝෂණ ඌනතාවය බවට තහවුරුවී ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට ඇති එකම පිළියම වහාම බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී. පොහොර යෙදීම බවත්, ඇතැම් ගොවීන් බණ්ඩි පොහොර නොයෙදීම නිසා ගොයම් ගසේ වර්ධනය අඩාලවීමෙන් ගොයම් කහපැහැ ගැන්වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මීට අමතරව ඇතැම් ප්‍රදේශවලින් වටපනු රෝගය, දුඹුරු පැළ කීඩෑ උවඳුර හා වෙනත් රෝග සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආචාර්ය, මහාචාර්යවරුන් මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් හා පර්යේෂකයින් ඒකාබද්ධව රෝග නිවාරණ කටයුතු සඳහා පියවර ගනිමින් සිටින බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ලබන 23 වනදා එම සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.