Monday, May 6, 2024

General line - 0115112241

කොටහේනේ වෙඩි තැබීමක්




කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කළ එම වෙඩි තැබීමෙන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෙඩි තැබූ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කළ බවයි කොටහේන පොලිසිය පැවසුවේ.