Tuesday, April 30, 2024

General line - 0115112241

කුකුල් ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට




කුකුළන් දෙදෙනෙකු පහර කෑමට ලක්වූ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කුකුළන් පොරබැදීමේ ඉසව්වකදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මින් එක් සිදුවීමක් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කාකිනාඩා ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. පොර කුකුළන් සටන් තරගයකට 43 හැවිරිදි හිමිකරු විසින් සිය කුකුළා ගේ පාදයේ තියුණු බ්ලේඩ් තලයක් සවිකරමින් සිටි තිබෙනවා. එම අවස්ථාවේදී ඒ අසල රැස්වූ ප්‍රේක්ෂකයින් ගේ ශබ්දයට බියවී කුකුළා දිව යෑමට උත්සහ කිරීමේදී එම සත්වයාගේ පාදයේ බැඳ තිබු තියුණු බ්ලේඩ් තලයට හිමිකරුගේ පාදය කැපී ඇති අතර ඔහුව රෝහල් ගත කරන විටත් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මින් දෙවන සිදුවීම නැගෙනහිර ගෝදාවරි ප්‍රදේශයේ පැවති කුකුළන් කෙටවීමේ උත්සවයකදී 20 හැවිරිදි ප්‍රේක්ෂකයෙකු අතට එහි සටන් වැදෙමින් සිටි කුකුළා ගේ පාදයට සවිකර තිබු තියුණු බ්ලේඩ් තලයට කැපී ඇති අතර ඔහු රෝහල් ගත කරමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

කුකුළන් අතර සටන් පැවතීමේ තරග පැවැත්වීම ඉන්දියාව තුල නීතියෙන් තහනම් කර තිබුනද සංක්‍රාන්ති නම් ආගමික උත්සවය පැවැත්වෙන කාල සීමාව තුලදී එරට තුල මෙම තරග පැවැත්වීම සුලභව දක්නට ලැබෙන සිදුවීමක් බව එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.