Tuesday, April 30, 2024

General line - 0115112241

දැඩි නිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට




ලොව ප්‍රධාන ප්‍රවෘත්ති මාතෘකා අභිබවමින් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට පැමිණීමට බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් සමත්වී තිබෙනවා.

ඒ, ලබන සතියේ තිරගත වීමට නියමිත ඔහුගේ නවතම චිත්‍රපටය හේතුවෙන්.


57 හැවිරිදි මෙම සුපිරි නළුවාගේ චිත්‍රපටයක් මෙලෙස එලි දකින්නේ වසර 04 කට පසු පළමු වරටටයි.

එම කාලය තුළ ශාරුක්ගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ ව්‍යාජ චෝදනාවකට අත්අඩංගුවට ගැනීම ඇතුලු ඔහුගේ වෘත්තිය හා පෞද්ගලික ජීවිතයට බලපාන සිද්ධීන් රැසක් සිදුවුණා.

ඉන් පසු දැඩි නිහඬතාවයකින් අනතුරුව මෙම චිත්‍රපටය තිරගතවීම හේතුවෙන් ඊට ඇති උනන්දුව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 


චිත්‍රපටයේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන පමණක් මේ වන විට ලොව පුරා මිලියන 54 කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

චිත්‍රපටය නිකුත් වීමටත් පෙර අමෙරිකාව, ජර්මනිය, ඔස්ටේ්‍රලියාව සහ එක්සත් ආරාබි එමිර් යන රටවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා ඉහළ උනන්දුවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


ශාරුක් ඛාන් යනු ඉන්දියාවේ නළුවෙකු පමණක් නොව අතිශය තීරණාත්මක සංස්කෘතික අපනයන සාධකයක් බව විචාරකයින්ගේ අදහසයි.