Tuesday, May 7, 2024

General line - 0115112241

නානුඔය ප්‍රදේශයේදී රිය අනතුරක්




නුවරඑළිය නානුඔය ප්‍රදේශයේදී අද පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. ඒ, බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන්. 

මෙලෙස අනතුරට පත්වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසැලක සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් බවත් බස් රථය අනතුරට පත්වන අවස්ථාවේදී අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

බස් රථය වෑන් රථයේ ගැටීමෙන් අනතුරුව එම වාහන දෙකම අඩි 60ක් පමණ ගැඹුරු ප්‍රපාතයට පෙරළි ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

අනතුරෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේවනවිට රෝහල් ගත කරමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.