Thursday, May 16, 2024

General line - 0115112241

දෙසැම්බරයේ උද්ධමනය සියයට 5කින් අඩුවෙයි




ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්‍ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 5 යි දශම 8 කින් පහළ ගොස් තිබෙනවා.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය නොවැම්බර් මාසයේදී සියයට 65ක් ලෙස සටහන්ව තිබූ උද්ධමනය දෙසැම්බර් මාසයේදි සියයට 59 යි දශම 2 ක් දක්වා අඩු වී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙන්නේ.

ඉකුත් නොවැම්බර් මාසයේදී සියයට 69 යි දශම 8 ක් ලෙස පැවති ආහාර ඛාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මාසයේදී සියයට 59 යි දශම 3ක් දක්වා අඩු වී තිබෙනවා.

ඉකුත් නොවැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය සියයට 60 යි දශම 4 ක් ලෙස දැක්වුණා.

එය ඉකුත් දෙසැම්බර් මාසය වනවිට සියයට 59 ක් දක්වා අඩු වී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.