දිවයින පුරා සිදුකරන ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.
ඔවුන් සඳහන් කළේ ග්‍රාම නිලධාරී සහතික ලබා ගැනීම ඇතුළු තම සේවා සපුරා ගැනීමේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පා සිටින බවයි.
කෙසේවෙතත් තම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග හැර වෙනත් කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා නොකරන බවයි ග්‍රාම නිලධාරීන් පවසන්නේ.
තම වෘත්තීය සමිති ගැටලුවලට විසඳුම් ඉල්ලා ජනාධිපතිවරයා වෙත විදුලි පණිවිඩ 10,000 ක් යොමු කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න කියා සිටියා.
තමන් මුහුණපා සිටින වෘත්තීය ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයින පුරාග්‍රාම නිලධාරීන් මේ වන විට අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටිනවා.
සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල, ප්‍රවාහන, ලිපි ද්‍රව්‍ය හා නිල ඇඳුම් දීමනා යථාවත් කර ගැනීම ඔවුන්ගේ ඉල්ලීම් වනවා.
මේ අතර රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ වෘත්තීය සමිති 18ක්ද මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.