Saturday, April 27, 2024

General line - 0115112241

වසරේ T20 ක්‍රීඩකයා ලෙස සුර්යකුමාර් යාදෙව් සම්මාන ලබයි




2022 වසරේ, පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ සූර්යකුමාර් යාදෙව් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ, 2022 වසරේ ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන්.

එම වසරේදී ඔහු තරඟ 31කදී ලකුණු 1164ක් රැස් කරගෙන තිබුණා. ඒ අනුව, ඔහු සැලකෙන්නේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ එක් වසරක් තුළ ලකුණු දහසේ සීමාව පසුකළ ලොව දෙවන ක්‍රීඩකයා ලෙසයි.  

සූර්යකුමාර් යාදෙව්ගේ 2022 වසරේ, සාමාන්‍ය 46 යි දශම 5යි 6ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 187යි දශම 4යි 3ක්.

එම වසරේදී ඔහු එල්ල කර ඇති 6යේ පහර සංඛ්‍යාව 68ක් වනවා. එය වසරක් තුළ වැඩිම 6යේ පහර සංඛ්‍යාවක් එල්ල කිරීමේ වාර්තාවයි. එමෙන්ම 2022 වසරේදී ඔහු ශතක 2ක් සහ අර්ධ ශතක 9ක් රැස් කරගෙන තිබීමද විශේෂත්වයක්.