Thursday, December 26, 2024

General line - 0115112241

13 ට එරෙහිව පාර්ලිමේන්තුවට වැඩම කළ මහ සඝරුවනට පොලීසිය හරස් වෙයි




13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමේ සූදානමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තුව අසලදී සත්‍යග්‍රහයක නිරත වුණා.

භික්ෂුන් වහන්සේලා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 13 වන සංශෝධනයට එරෙහි විරෝධතා පාගමන අද පෙරවරුවේ ආරම්භ වුණේ  කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින්.

ඊට එක්ව සිටි භික්ෂූන් වහන්සේලා පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සහ කළා.  එහෙත් පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයෙන් ඉදිරියට වැඩම කිරීමට එම විරෝධතාවයට එක්ව සිටි භික්ෂූන් වහන්සේලාට පොලීසිය ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ හේතුවෙන් එහි උණුසම් තත්ත්වයක් ද ඇති වුණා. අද පැවති විරෝධතාව සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ.