Thursday, December 26, 2024

General line - 0115112241

නත්තල් දා බීමතින් රිය පැදවූ 251ක් අත්අඩංගුවට




ගතවූ පැය 24ක කාලය තුළ බීමතින් රිය ධාවනය කිරීම ඇතුළු විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 9,000කට ආසන්න පිරිසකට නීතිමය පියවර ගෙන තිබෙනවා. 

ඒ අතර බීමතින් රිය පැදවූ 251 දෙනෙකු අයත්. මාර්ග නීති උල්ලංඝණය කළ රියදුරන් 1,368 දෙනෙකුද වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 6,304 දෙනෙකුටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අපරික්ක්‍ෂාකාරී ලෙස රිය ධාවනය කළ රියදුරන් 81 දෙනෙකු ඇතුළත්. 

අධික වේගයෙන් රිය පැදවූ රියදුරන් 128 දෙනෙකුද බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 615 දෙනෙකුටද එරෙහිව නීතිමය පියවර ගත් බවයි පොලීසිය පැවසුවේ.