Tuesday, May 7, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදෙයි




මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙනවා.

එක් එක් පළාත් පාලන ආයතන සඳහා තරඟ කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් QR කේතය අද දින සිට www.elections.gov.lk යන මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පල කර තිබෙනවා.

එම QR කේතය පරිලෝකනය හෙවත් ස්කෑන් කිරීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකි බවයි මැතිවරණ කොමිසම් සභාව පැවසුවේ.