Tuesday, May 7, 2024

General line - 0115112241

මාතර ඉඩමකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ




මාතර ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබූ පුපුරන ද්‍රව්‍ය ඇතුළු උණ්ඩ රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සී ෆෝ වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ 3ක් ඒ අතර තිබූ බවයි පොලිසිය පැවසුවේ.  

ඊට අමතරව ටී 56 උණ්ඩ 181ක් , බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා යොදන උණ්ඩ 08ක්ද සොයාගෙන තිබෙනවා. ඩෙටනේටර් 16ක්ද ඒ අතර තිබූ බවයි පොලිසිය පැවසුවේ.