Monday, May 13, 2024

General line - 0115112241

ඉන්දීය සහන සේවකයින් තුර්කි දරුවෙකුගේ දිවි බේරයි




ඉන්දියාව මේවනවිට භූ කමපනයෙන් විපතට පත් තුර්කියේ සහන සේවා කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබාදෙමින් සිටිනවා.

එරට මාධ්‍ය පැවසුවේ මේවනවිටත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 06 ක් තුර්කිය බලා පිටත්ව ගොස් ඇති බවයි.

මේ අතර තුර්කිය බලා පිටත්ව ගිය සහන කණ්ඩායම් මේවනවිට තුර්කියේ විපතට පත් ප්‍රදේශවල ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා එක්ව සිටිනවා.

ගාසියාන්ටෙප් ප්‍රදේශයේ අවදානම්කාරී සහන මෙහෙයුම්වල නිරත ඉන්දීය ජාතික ආරක්ෂක ප්‍රතිචාර බලකාය විසින් සුන්බුන් අතර සිරවී සිටි 06 හැවිරිදි තුර්කි ගැහැණු දරුවෙකු මුදාගෙන තිබෙනවා.

මේ අතර තුර්කියේ විපතට පත් ප්‍රදේශ ආශ්‍රිතව ඉන්දියාව සිය වෛද්‍ය කඳවුරු පවත්වා ගෙන යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමගින් විශේෂඥ වෛද්‍ය සේවා මෙන්ම ඖෂධ  සැපයීම ද සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.