Thursday, May 2, 2024

General line - 0115112241

නවසීලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ




නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා. ඊට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්. කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල් සහ ධනංජයද සිල්වාද සංචිතයට ඇතුළත්.

මීට අමතරව ඕෂධ ප්‍රනාන්දු , කුසල් මෙන්ඩිස් , නිරෝෂන් දික්වැල්ල , කමිඳු මෙන්ඩිස් ද ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය දඟ පන්දු යවන්නන් ලෙසද චාමික කරුණාරත්න , කසුන් රාජිත , ළහිරු කුමාර , අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දුද පන්දු යවන්නන් ලෙස සංචිතයට එක් වනවා. නිශාන් මධුෂ්ක හා මිලාන් රත්නායක යන නවක ක්‍රීඩකයින්ද නවසීලන්ත සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟාවලියට තරඟ 2ක් ඇතුළත්. තරඟ ආරම්භය මාර්තු 09 වනදා සිදු වන අතර ශ්‍රී ලංකා පිල ලබන සඳුදා නවසීලන්තය බලා පිටත්ව යනවා.