Tuesday, April 30, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන්ගේ නිවසට පොලීසිය කඩාවදී




පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉස්ලාමාබාද් පොලිසියේ නිලධාරීන් ලාහෝර් නුවරට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ පොලිස් නිලධාරීන් ලෝහෝරයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික නිවසට පැමිණ ඇති බවයි.

එහෙත් එම අවස්ථාවේදී ඉම්රාන් ඛාන් නිවසේ නොසිටි බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන් ලාහෝර් නිවසේදී අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ හොත් ඊට එරෙහිව රටපුරා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ඔහු සභාපතිත්වය දරණ PTI පක්ෂය පවසනවා.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ ඔහු පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේ විදෙස් රටවලින් ලද ත්‍යාග අවභාවිත කිරීමේ චෝදනාව යටතේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉක්මන් මැතිවරණයක් ඉල්ලා ඔහු රජයට දිගින් දිගටම බලපෑම් එල්ල කරමින් සිටිනවා.