Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකාවට එරෙහි යුද්ධයක් ගැන උතුරු කොරියාව අනතුරු අගවයි




තමන් අත්හදා බලන මිසයිලයක් බිම හෙලීමට ගන්නා ඕනෑම පියවරක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් සේ සලකන බව උතුරු කොරියාව පවසනවා. උතුරු කොරියානු රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනයක් වන කිම් යෝ ජොන් විසින් අමෙරිකාවට මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කිම් යෝ ජොන් යනු උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ නැගනියයි. ඇය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට අමෙරිකාව සම්බන්ධයෙන් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබූ පුවතක් හේතුවී තිබෙනවා.

එම පුවතේ දැක්වුණේ උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම්වලදී පැසිෆික් සාගරය දෙසට අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලුවහොත් ඒවා බිම හෙලීමට අමෙරිකාව සැලසුම් කර ඇති බවයි. 

කෙසේවෙතත් අමෙරිකාව සහ හිතමිතුරු රටවල් මෙතෙක් කිසිඳු අවස්ථාවකදී උතුරු කොරියාව දියත් කළ බැලැස්ටික් මිසයිලයක් වෙඩි තබා බිම හෙළා නැහැ. එහෙත් මෑතක සිට උතුරු කොරියාව විටින් විට ජපානයට ඉහළින් සහ ඔවුන්ගේ මුහුදු සීමාව ආසන්නයට පතිත වන පරිදි බැලැස්ටික් මිසයිල අත්හදා බලමින් සිටිනවා.

ඒ හමුවේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම කෙරෙහි අමෙරිකාවේ අවධානය ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.