Wednesday, May 1, 2024

General line - 0115112241

දේශපාලඥයින්ට ඇති හිඩසක් ගැන මහබැංකු අධිපති කතා කරයි




රටේ ආර්ථිකය කඩා වැටීමට බලපා ඇත්තේ දේශපාලඥයින්ට මහ බැංකුවට බලපෑම් කිරීමට අවස්ථාව හිමිවීම හේතුවෙන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව, නිවැරදි තීරණය වෙනුවට ජනප්‍රිය තීරණ ක්‍රියාවට නැංවීමට පසුගිය කාලයේ දේශපාලඥයින් මහ බැංකුවට බලපෑම් කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද පැවති දේශනයකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේබව කියා සිටියා. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ පනත සංශෝධනය කිරීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී අදහස් පළ කළා.