Wednesday, May 1, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගන්නා කුඩු පොලීසියේදී මාරු වන හැටි අධිකරණ ඇමතිම හෙළි කරයි




අත්අඩංගුවට ගන්නා හෙරොයින් වෙනුවට වෙනත් මත්ද්‍රව්‍ය රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අනාවරණයක් කර තිබෙනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් පොලිස් ස්ථානවලින් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අයිස් මත්ද්‍රව්‍ය යොමු කිරීමේදී පවා පොලීිසිය විසින් නීතිය අවභාවිත කරන බවයි.

පවතින තත්ත්වය සලකා නීති සංශෝධනය කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ.

මත්ද්‍රව්‍යයැයි හඳුන්වා පළිගැනීමේ චේතනාවෙන් ඇතැම් පිරිස් අත්අඩංගුවට ගත් අවස්ථා සම්බන්ධයෙන් මේ වන විට දැඩි නිරීක්ෂණයක් සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.