Wednesday, May 1, 2024

General line - 0115112241

අනාගත ආර්ථික අනතුරක් ගැන මහ බැංකු අධිපති කතා කරයි




පොලී අනුපාතය සහ විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට මහ බැංකුවට අවස්ථාව නොලැබුණහොත් මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය සේ තවත් දරුණු තත්ත්වයක් ඉදිරියේදී ද ඇතිවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ද විනිමය අනුපාත පිළිබඳ ස්වාධීනව තීරණ ගැනීමේ අවශ්‍යතාවය බවයි.

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන සාධක සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා අනාවරණ කළා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අනුමතවීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ වන පරිපාලන නීතිය බවට පත්වනවා. මෙම පනත් කෙටුම්පත පිළිබඳව මහජන අදහස් විමසීමද මේ දිනවල සිදුවනවා.