Thursday, May 2, 2024

General line - 0115112241

අයහපත් වූ වායුගුණත්වය සාමාන්‍ය අතට




අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව ඉකුත් සතියේ මෙරට ප්‍රධාන නගර කිහිපයක වායු ගුණත්වය අයහපත් තත්ත්වයක පැවතිය ද මේවනවිට එය දැඩි අවදානම් මට්ටමක නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එහි පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ අවදානම් තත්ත්වයක් මතු වුවහොත් ඒ පිළිබඳ කඩිනමින් ජනතාව දැනුවත් කරන බවයි. 

පසුගිය දින කිහිපයේ නගර කිහිපයකම වායු දූෂණය යළි ඉහළ ගොස් තිබුණා.

මේ අතර කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රතිචක්‍රීයකරණ කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කරන බව පරිසර අමාත්‍යංශය පවසනවා. තෝරා ගත් ප්‍රදේශ කිහිපයකදී ජංගම රථ යොදා ගනිමින් අදාළ ද්‍රව්‍ය එකතු කරන බවයි එම අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ.