Thursday, May 2, 2024

General line - 0115112241

පොලිස්පති ඉල්ලා අස්වූ බවට පළවන වාර්තා අසත්‍යක්




පොලිස්පති සී ඩී වික්‍රමරත්න එම ධූරයෙන් ඉල්ලා අසුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසනවා. පොලිස්පතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවටයි ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබදෙමින් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයා ඉල්ලා අස්වූ බවට පළවී ඇති වාර්තා අසත්‍ය බවයි.