Thursday, May 2, 2024

General line - 0115112241

රජයේ මුද්‍රණාලයාධිපතිනියට මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් චෝදනා




රජයේ මුද්‍රණාලයාධිපතිනිය සිදුකරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් ජනතාවට ඇති විශ්වාසය පළුඳු වන බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටආරච්චි පැවසුවේ ඉතිහාසයේ කිසිඳු දිනෙක රජයේ ආයතනයක් මැතිවරණ කොමිසම විසින් ලබාදුන් තීන්දු නොසලකා හැරීමේ තත්ත්වයක් ඇතිවී නොමැති බවයි. 

ආණ්ඩුව සිදුකළ යුත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.