Monday, May 6, 2024

General line - 0115112241

විනිසුරු වැටුප්වලින් බදු අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය යළි දීර්ඝ කෙරේ




විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පණවා ඇති තහනම් නියෝගය මැයි මස 12 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා මැයි මස 12 වනදා කැඳවීමටද විනිසුරු මඩුල්ල විසින් දින නියම කරනු ලැබුවා. ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ගොණු කළ පෙත්සම් දෙක අද විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණය එම නියෝගය ලබාදුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.