Monday, May 6, 2024

General line - 0115112241

IMF පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙයි




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් අද ශ්‍රී ලංකාවට ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබාදෙන පාර්ශවයන් වෙතින් තවත් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක පමණ කඩිනම් ණය ආධාර අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන් ලැබීමත් සමඟ තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩනැංවීමට අවස්ථාවක් හිමිව ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. 

රටේ ණය පිළිබඳ කිසිදු තොරතුරක් වසන් නොකරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේ.

රටේ ආර්ථිකය යළි ගොඩනැංවීමට තමන් අවස්ථා කිහිපයකදීම විපක්ෂයෙන් සහය ඉල්ලුවද ඔවුන් එලෙස ක්‍රියා නොකළ බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේ.