Tuesday, May 7, 2024

General line - 0115112241

IMF මුදල වියදම් කරන හැටි ආණ්ඩුව කියයි




ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ලබාදෙන ණය පහසුකම අයවැය හිඟය පියවීමට ද යොදාගත හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ මාර්තු මාසයේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට ආධාරකයක් ලෙසද මෙම ණය යොදාගත හැකි බවයි.

රටට අමාරුම කොටස සිදුකිරීමට සිදුවන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් අනතුරුව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන සමස්ථ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක්.